Friday, October 12, 2012

Salmonella dublin infected cows imported from Australia



ඕස්ටේ‍්‍රලියාවේ සිට ශ‍්‍රී ලංකාවට පසුගියදා ගෙන්වන ලද ඉහල වටිනාකමකින් යුතු එළදෙනුන් 500 දෙනාගෙන් වැඩි පිරිස රෝගී වූවන් බවත් එය නොසලකා තවත් 1500ක් එළදෙනුන් ගෙන්වීමට බලධාරීන් හොර රහසේ කටයුතු කරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ බව කියා සිටී.
ලිපියේ මෙසේද දැක්වේ.
දේශීය කිරි කර්මාන්තය විනාශ කිරීමේ දැනුවත් කූට වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වනවාදැයි සොයා බලන ලෙස කරනු ලබන ඉල්ලීම
පසුගිය දිනවල  ඕස්ටේ‍්‍රලියාවේ සිට කිරිදෙනුන් 500ක් ආනයනය කල බව සහ තවත් 1500ක් ඉදිරි කාලය තුළ ආනයනය කිරිමට නියමිත බව ඔබතුමාද දන්නා කරුණකි. ප‍්‍රිසියන් වර්ගයේ මෙම දෙනුන් ආනයනය කෙරුනේ ගව අභිජනනය පිළිබද විද්වතුන් අතර පැහැදිලි එකගතාවයකින් සකස් කළ අභිජනන ප‍්‍රතිපත්තියක් තුළ නොවේ. එහි හරි වැරැද්ද වෙනම සාකච්ඡුා කලයුතු කරුණකි. නමුත් දැන් ආනයනය කළ මෙම සතුන් සැල් මොනැල්ලා ඩබ්ලින් නමැති මෙතෙක් ශී‍්‍ර ලංකාවේ නොලැබුනු දරුණු විශබීජයකින් ආසාදනයවී ඇතිබව පර්යේෂනයක් මගින් සොයාගෙන ඇත. එසේ සොයා ගැනීමට හැකිවූයේ එම සතුන් අතරින් ගැබ්බර සතුන් 46දෙනෙකුගේ පැටවුන් ගබ්සාවීම නිසාය. එම ගබ්සාවීම සිදුවූයේ සතුන් ආනයනය කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන පටිපාටිය අනුව එම සතුන් දින 30ක් රදවාගෙන සිටියදීය.

එසේ වීමට ප‍්‍රධාන හේතුව එම සතුන් ඉහතකී විෂබීජයෙන් ආසාදනයවී තිබීමය. එය වැලැක්වීම සදහා අනුගමනය කළ යුතු පටිපාටිය වන්නේ ආනයනයට පෙර එම විෂබීජයෙන් ආසාදනයවී නොමැති බවට පරීක්‍ෂාකොට සහතිකයක් ලබා ගැනීමය. එය ලෝකයපුරා පිළිගත් සම්මත ක‍්‍රමය වන අතර නවසීලන්තයට සතුන් ආනයනය කිරීමේදී තිබියයුතු ප‍්‍රමිතිය නිර්දේශ කරන ලේඛණවල ඒ බව ඉතා පැහැදිලිව සදහන් වේ. නමුත් එසේ නොකිරීම පිළිබදව වගකිවයුතු සත්ව නිශ්පාදන දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් නිරෝධායන කාලයේදී විෂබීජය සොයාගත් පසුව හැසුරුනේද තවදුරටත් වගකීම් විරහිත ආකාරයටය. පශු පර්යේෂණ ආයතනය සහ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පශු පර්යේෂණ අංශයේ නිලධාරින් විසින් විෂබීජය පිළිබදව දැනුම්දුන් පසුව වගකිව යුත්තන් කළ යුතුව තිබුනේ නිරෝධායන කාලය දීර්ඝකොට ආසාදිත සතුන් විනාශ කිරිමය. විද්වත් මතය අනුව එසේ කළ යුත්තේ එම විෂබීජයෙන් ආසාදනයවූ පසුව ප‍්‍රතිජීවක වලින් ප‍්‍රතිකාර කිරිම අපහසු බැවින් සහ විෂබීජය රෝගී සතුන් සහ රෝග ලක්‍ෂණ නොපෙන්වන සතුන්ගේ ශරීර තුළ දීර්ඝ කාලයක් පවතිමින් රට පුරා එම විෂබීජය පැතිරිය හැකි නිසාය.
දැන් සිදුවී ඇත්තේ වැරැද්ද නිවරදි කිරීම වෙනුවට තවදුරටත් එය සැගවීමට ගන්නා උත්සාහය තුළ මහා විනාශයකට මග පෑදීමයි. මෙම සතුන් බෝපත් තලාව ගොවිපලේ රදවා සිටින අතර ගබ්සා නොවන සහ මරණයට පත් නොවන පැටවුන් මහජනයාට මුදා හැරීම සිදුවේ. එවිට එම සතුන් මගින් රටපුරා මෙම විෂබීජය පැතිරීමේ අනතුරක් ඇතිවන බව සැගවීමට ඉහත කී නිලධාරීන් අසාර්ථක උත්සාහයක් ගනිමින් සිටී. මෙම වැරැද්දට වගකිවයුතු නිලධාරින් දැන් උත්සාහ කරන්නේ දේශීය පර්යේෂණ ආයතන වලට අභියෝග කරමින් පිටරට පර්යේෂණ ආයතන  වලින් පර්යේෂණ වාර්තා ලබා ගැනීමට බව වාර්තාවී තිබේ. ව්‍යාජ සාම්පල යවා ව්‍යාජ වර්තා ලබාගන්නද විෂබීජය එම වාර්තා නොසලකා ක‍්‍රියා කරන බව මෙම කූට නිලධාරීන් තේරුම් නොගැනීමද ජාතියේ අවාසනාවක් බව අපි කල්පනා කරමු.
මෙම විෂබීජය මගින් සතුන් ගබ්සාවීම, ඔවුන්ගේ ශරීර දුර්වලවීම, බර අඩුවීමසහ කිරි අඩුවීම වැන් රෝගී තත්වයන් ඇතිවන බැවින් දේශීය ගව සම්පතද ඵලදායක නොවන තත්වයක් වසර කිහිපයකදී ඇතිවිය හැක.ඒ අනුව ගව සම්පත දියුණු කිරීමට ගන්නාලද තීන්දුවක් මගින් තිබෙන සම්පතද අහිමිවී යන තත්වයක් දැන් උදාවී ඇත. මෙහි ඇති අනෙක් අනතුරුදායක තත්වය වන්නේ එම විෂබීජය කිරිවලට ඇතුල්විය හැකි බැවින් කිරි මගින් ජනතාවට රෝගය බෝවීමට ඇති හැකියාවයි. එම විෂබීජය මගින් බඩවැල් සහ සම ආශ‍්‍රීත රෝග ඇතිවීමේ අවදානම ඇත.
ඒ නිසා එසේ රෝගය මහජනයා අතර පැතිරීම ආරම්භ වුවහොත් දේශීය කිරි පරිභෝජනයටද මරු පහරක් එල්ලවනු ඇත. ඒ අනුව පැති දෙකකින් දේශීය කිරි කර්මාන්තය විනාශයකරා තල්ලූ කළ හැකි බව පැහැදිලිවේ. මේ තත්වය පිළිබ`දව සතුටුවිය හැක්කේ අපරටේ අඩු මිලට කිරිපිටි අපනයනය කරන  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය වැනි රටවල ආණ්ඩුවලට පමණක්බව අප විශ්වාස කරමු.
දැනටමත් අප රට ක‍්‍රමයෙන් කිරි වලින් ස්වයංපෝෂිත වෙමින් ඇත. මේ වන විට මිල්කෝ සහ පැලවත්ත සමාගම් දෙක වසරකට රටට අවශ්‍ය කිරිපිටි ප‍්‍රමාණයෙන් සියයට පනහක් පමණ නිපදවයි. ඇත්ත වශයෙන් (අප රටට ආනයනය කරන කිරිපිටි මෙ:ටො: 50,000න් 20,000ක් පමණ භාවිතා කරන්නේ යෝගට්, අයිස්ක‍්‍රීම්, සහ වෙනත් රසකැවිලි සදහාය) දැනටමත් අප රට බටර් වලින් ස්වයංපෝෂිතව ඇත. මිල්කෝ සහ පැලවත්ත සමාගම් දෙක  වසරකට නිපදවන බටර් ප‍්‍රමාණය වන මෙ:ටො: 700ක ප‍්‍රමාණය දේශීය පරිභෝජනයට හොදටම සෑහේ. එහෙත් ලාබයට පිටරට  බටර් ආනයනය කිරීම නිසා දේශීය නිශ්පාදනාගාරවල ගබඩාවල ගොඩගැසී ඇත. මේ තත්වය තුල අප රට කිරිවලින් සහ බටර් ඇතුළු අනෙකුත් කිරි ආහාර වලින් ස්යංපෝෂිත වුවහොත් අපට ඒවා අපනයනය කරනරටවල් ආර්ථික වශයෙන් අමාරුවේ වැටෙන බව පැහැදිලිය. එම නිසා ඒ රටවල් විසින් දේශීය ආර්ථික ඝාතකයන්ගේද උදව් ඇතිව අපේ කිරි කර්මාන්තය විනාශ කිරීම සදහා විෂබීජ අපනයනය කිරීම තේරුම් ගැනීමට අපහසු නැත.


අතිගරු ජනිධිපති තුමනි,
මේ කරුණු සියල්ල සැලකිල්ලටගෙන අප ඔබතුමාට පහත සදහන් ඉල්ලීම් ඉතා ගෞරවයෙන් යුතුව ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
01. සැල්මොනෙල්ලා ඩබ්ලින් නමති විෂබීජයෙන් ආසාදනයවී ඇති සතුන් මහජනයාට විකිණීම වහාම නවත්වා එසේ ආසාදනයවී ඇති සතුන් නැවත අපනයනය කිරීමට හෝ විනාශ කිරීමට කටයුතු කිරීම.
02. දැනට ඇනවුම් කොට ඇති ඉතිරි සතුන් 1500 ආනයනය කිරීම වහාම අත්හිටුවීම.
03. ගව අභිජනන ප‍්‍රතිපත්තියක් පිළිබදව විද්වතුන් අතර පුළුල් එකගතාවයක් ඇතිවන තුරු සතුන් ආනයනය අත්හිටුවීම සහ එතෙක් පැවති දේශීය අභිජනන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම.
04. එසේ නොසැලකිලිමත් ලෙස නිර්නායක සකස් කොට සතුන් ආනයනය කිරීමට සහ මුදා හැරීමට වගකිවයුතු සියළුම නිලාරීන් පිළිබදව පරීක්‍ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් දීම.
05. මේ වන විට සත්ව ආහාර සදහා ජාන විකෘති කළ සෝයා බෝංචි ආනයනයකොට කුකුල් මස් ව්‍යාපාරය විනාශ කිරීමේ මෙහෙයුමක්ද දියත්වන බව වාර්තාවී ඇති බැවින් දේශීය ආර්ථිකය විනාශ කිරීමේ දැනුවත් මෙහෙයුමක් ක‍්‍රියාත්මක වනවාදැයි සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් පත් කිරීම.

October 12, 2012 | Lanka C News.

No comments:

Post a Comment