
බළපිටිය මාදු ගඟේ මිරිදිය පොකුණක් පවත්වාගෙන යන තරුණයෙක් දේශිය හා විදේශීය සංචාරකයනට නොමිලේ මත්ස්‍ය චිකිත්සාව හඳුන්වා දෙයි. ශ්රී ලංකාවේ එවැනි චිකිත්සක ක්රමයක් ආරම්භ කළ මුල්ම පුද්ගලයා ඔහුය. සමන් වසන්ත නම් මෙම තරුණයාගේ මත්ස්‍ය පොකුණ පිහිටියේ මාදු ගඟ මැදය. උදව්ව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයෙනි. මත්ස්‍ය චිකිත්සාවෙන් ලේ ගමනා ගමනය වර්ධනය වී සමේ ඇති වන ඇතැම් චර්ම රෝග සුව කර ගැනීමට ද ආතතිය හා පීඩනය අඩු කර ගැනීමට ද හැකි බව සොයාගෙන ඇත.මැරී ගිය සම ස්වභාවික ලෙස ඉවත් කර ගැනීමට මළුවා උපකාරි වේ.

No comments:
Post a Comment