20.1 ගරු කතානායකතුමනි, කිරි හා පශු සම්පත් කර්මාන්තය අපේ රටේ ශීීඝ්රයෙන්
දියුණු කළ හැකි සුවිශේෂී ආර්ථික කටයුත්තක්. දිනකට කිරි ලීටර් 10.5 ක් ලබාදෙන කිරි ගවයින් හත් දෙනකුගෙන් යුත්
මොනරාගල ප්‍රදේශයේ ව්‍යවසායිකාවක් දිනකට රුපියල් 3,675 ක ආදායමක් ලබමින් කරගෙන යනු ලබන සාර්ථක ව්‍යාපාරය ගැන ඇසීමෙන් මට
තේරුම් ගියේ පසුගිය රජයන් කොතරම්දුරට මෙම කර්මාන්තයේ ප්රතිලාභ ජනතාවට ලබාදීමට
අසමත් වී තිබෙනවාදැයි කියායි. මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා විශේෂ කැපවීමක්
දිවංගත එස්. තොණ්ඩමන් මහතා එම විෂය භාර ඇමැතිවරයා වශයෙන් කරනු ලැබුව ද එය සාර්ථක
කර ගැනීමට සහයක් ලැබුණේ නැහැ. එබැවින් අප කිරි පිටි ආනයනය කරන රටක් බවට පත්වුණා.
මෙම කර්මාන්තය දියුණු කිරීමෙන් වසරකට ඩොලර් මිලියන 350 ක පමණ විදේශ විනිමය ඉතිරි කරගත හැකි වන අතර, එය කිරි ගොවීන්ගේ නව ආදායම් මාර්ගයක් බවට ද පත්
වෙනවා.
20.2 එමනිසා දේශීය කිරි නිෂ්පාදනය
වැඩිකිරීමට ආනයනය කරනු ලබන කිරි පිටිවලට ඉහළ තීරු බදු පවත්වා ගැනීමට මා යෝජනා
කරනවා. එමඟින් කිරි ගොවීන්ගේ සහතික මිල ලීටරයකට රුපියල් 50 ක මට්ටමක පවත්වා ගත හැකි වන අතර, කිරි ගොවීන් 160,000 ක් පමණ සංවර්ධනය කිරීමට හැකි වෙනවා. සබරගමුව විශ්වවිද්‍යාලය විසින්
කෘත්‍රිම ලෙස පැටවුන් බෝකිරීමෙන් එම පළාතේ මෙම කර්මාන්තය දියුණු කිරීමට කරගෙන යනු
ලබන පර්යේෂණ ඉතා දිරිගන්වන සුළුයි. සෑම කුඩා කිරි ගොවියකුම දිනකට තම කිරි
ගවයින්ගෙන් කිරි ලීටර් 10 දක්වා වැඩිකර ගැනීමට අවශ්‍ය පර්යේෂණ
හා තාක්ෂණ දැනුම ලබාදිය යුතු වෙනවා. ජාතික කිරි මණ්ඩලය හා මිල්කෝ ආයතනය ද දිගන,
පොළොන්නරුව හා අඹේවෙල පිහිටි කර්මාන්ත ශාලාවල
ධාරිතාවය වැඩි කරමින් දියර කිරි නිෂ්පාදනය හා වෙනත් නිෂ්පාදන පුළුල් කිරීමට ඩොලර්
මිලියන 40 කට ආසන්න ආයෝජනයක් කරනු ලබනවා.
20.3 දිවි නැඟුම වැඩසටහන මඟින් ගෘහ ඒකකවල
කුකුල් ගොවිපලවල් ජනප්‍රිය කර තිබෙනවා. කුකුල් පැටවුන් හා අනෙකුත් පහසුකම් සැපයීම
ධත්තර හා මස් නිෂ්පාදනය වැඩිවීමට හේතු වුණා පමණක් නොව පවුලේ අතිරේක ආදායමක් බවට ද
එය පත්වී තිබෙනවා. මෙම කර්මාන්තයේ නිරතවන විශාල පරිමාණයේ නිෂ්පාදකයන්ට තරගකාරී
වෙළඳපළක් සකස් කිරීම සඳහා කුකුල් මස් සඳහා පැවැති මිල පාලනය නිෂ්පාදන පිරිවැය
සැලකිල්ලට ගෙන සංශෝධනය කළ හැකි මිල නියාමනයකට යොමු කර තිබෙනවා. මෙම කර්මාන්තයට
අදාළ ආදායම් බද්ද සියයට 10 දක්වා අඩු කිරීමට ද යෝජනා කරනවා. මෙම
කර්මාන්තය අපනයන නිෂ්පාදනවලටත්, සංචාරක කර්මාන්තයේ උන්නතියටත්, රටේ ආහාර සුරක්ෂිත බව ඇතිකර ගැනීමටත් යොමු
කිරීමට අප අපේක්ෂා කරනවා.
No comments:
Post a Comment